Sunday 9th of November 2025

English Tamil
Advertiesment


ජපා­නයේ අග­මැ­ති ­ධූ­රය පළ­මු­ ව­රට කාන්තා­ව­කට


2025-10-06 1272

 


ජපා­නයේ පාලක පක්ෂය වන ලිබ­රල් ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ නව නාය­ක­ත්ව­යට හිටපු ඇමැ­ති­ව­රි­යක වන 64 හැවි­රිදි සනේයි ටක­ඉචි පත්වූ බවත්, ඇය මේ මස මැද භාග­යේදි එරට පළමු අග­මැ­ති­ ධු­ර­යට පත් වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මේ මස 15 වැනිදා අග­මැති ෂිගේරු ඉෂිබා ධුර­යෙන් ඉව­ත් වී­මෙන් පසු පාර්ලි­මේන්තු ඡන්ද විම­සී­ම­කින් නව අග­මැති පත්වී­මට නිය­මිත බව ද වාර්තා වන ඇත දක්ෂි­ණාං­ශික දේශ­පා­ල­න­ඥ­ව­රි­යක වන සනේයි ටක­ඉචි මීට පෙර ෂින්සෝ අබේ සහ ෆුමියෝ කිෂි­ඩාගේ පාලන කාල­යේදී ඇමැ­ති­ ධුර රැසක කට­යුතු කරමින් එරට පාර්ලි­මේ­න්තුවේ පාලක පක්ෂයේ මන්ත්‍රී­ව­රුන් විශාල පිරි­ස­කගේ විශ්වා­සය දිනා සිටින්නීය. 

ජපා­න­යට නව අග­මැ­ති­ව­ර­යකු තෝරා පත් කර­ ගැ­නී­මට සිදුවී ඇත්තේ වත්මන් අග­මැති ධුර­යෙන් ඉවත් වන බව පසු­ගි­යදා නිවේ­ද­නය කිරීම හේතුවෙනි. මේ අතර සනේයි  ටක­ඉචි සමඟ එම පක්ෂයේ තවත් ජන­ප්‍රිය දේශ­පා­ල­න­ඥ­යකු වන ෂින්ජිරෝ කොයි­සුමි අතර ලිබ­රල් ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ නාය­ක­ත්වය සඳහා පසු­ගි­යදා පැවති ඡන්ද විම­සී­මේදී ඡන්ද 185- 156ක් ලෙස ජය­ ගැ­නී­මට ඇය සමත්වූ බව ද වාර්තා වේ.

Advertiesment